Blogger Widgets
ආයුබෝවන්
අපගේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
මෙම බ්ලොග් අඩවිය මගින් වන සතුන්ට සිදුවන හිරිහැර කරදර පිළිබදව ඔබව දැනුවත් කර වන සතුනට සිදුවන හිංසන ක්‍රීයා අවම කිරිමට සතුනට කරුනාව දයාව ලබා දෙමින් සතුට විනෝදය ලබා ගැනිමට අප හ එක් වි අවිහිංසාවාදි සමාජයක් ගොඩ නැගිමට ඔබටත් ආරාධනා.....

Friday, July 20, 2012

කැලේ තියන හැම දේමත් කන්න එපා..............

වර්ථමාන ශ්‍රී ලංකාව තුල වන සතුනට මුහුණ පෑමට සිදුවන තවත් ඛෙදජනක සිදුවීම වන්නේ මිනිසුන් විසින් වන සතුන් මැරිමට උපයෝගි කර ගන්නා හක්ක පටස් නමින් හදුන්වන කුරිරු වූ උපක්ක්‍රමයයි. විශේෂයෙන්ම මෙය මස් පිනිස උපයෝගි කර ගන්නා සතුන් මැර්‍රම සදහා භාවිතා කරන අතර ඉතා තදින් ආවරණය කරනලද කුඩා වෙඩි බෙහෙත් බෝලයක් වටා දුගද හමන හාල් මැස්සන් වැනි කරවල කුඩා බෝලයක් සේ ඔතා සතුන් ගැවසෙන ප්‍රදේශ වල දමන අතර එහි හමන දුගද නිසා එය ආහාරයට ගන්නා වන සතුන් එය හැපීමට උත්සහ ගන්නා අවස්ථාවෙදී කට තුලම පුපුරා යන අතර. මෙයින් හකු දෙපැත්තට ගැලවී ඉතා කුරිරු වූ මරනයක් ලගා කරවයි. මෙහි දැක්වෙන අලි පැටවා මහඔය බුබුල ප්‍රදේශයේදී හක්ක පටස් හැපීම නිසා දින ගනනක් දුක්විද මිය ගිය අතර වර්ථමාන ශ්‍රී ලංකාව තුල මෙවැනි සිදුවීමි සෑම දෙසින්ම වාර්තාවීම ඉතා කනගාටු දායක සිදුවීමකි.


No comments:

Post a Comment

Twitter Bird Gadget