මා උපන් බිම අම්පාර පන්නල්ගම කැලෑ බිමකය. මමත් අම්මත් හිතවත් රන්චුවත් සමග කාලය ගත කරා. ඒත් මට කිරි දෙන්න අපේ අම්මට ඇති වෙන්න කෑම කන්න අපට හිමි වෙලා තිබුනු මෙ පුංචි කැලෑව හොදටම මදි. අපි වටා ඇති කැලෑ කපලා හේන් වගා කරලා අපිව පුංචි කැලෑවකට හිර කරලා. මට කිරි මදි වෙවි කියලා දවසක් හොදට කෑම තියෙන පළාතකට යන්න පිටත් උනා. ටික දුරක් යන කොට හොදට වැඩුණු ගොයමි යායක් දිගේ ගමන් කරා මගේ අම්මා ඉන් කටවල් කීපයක් කන අකාරය මමත් බලන් සිටියේ ඉතාමත් ආශාවෙනි. ඒත් එක පාරටම ඩෝං ගාල ශබ්දයක් ඇසුණා ඒත් එක්කම අම්මා කෑගහල කිවුවා මට දුවන්න කියලා මම පොඩි දුරක් දුවලා නැවතිලා බැලුවා අම්මා එනවද කියලා ඒත් අම්මා ආවෙ නැ. මම අම්මා ලගට යන විට මටත් නොකියම අම්මා නිදාගෙන හිටියා. අම්මා ඉතා අමාරුවෙන් වාගේ මට කිවුවා පුතේ කිරි බොන්න කියලා මමත් හොදටම කිරි බීලා අම්මා ලගම නිදා ගත්තා
මම උදෙන්ම නැගිටලා බලන විටත් අම්මා තවම නිදි මට හොමදට බඩගිණි නිසා කිරි බොන්න හැදුවත් වෙනදා මෙන් කිරි බිදක්වත් රස බැලීමට මට නොහැකි විය. ඒ සමගම මාමලා ගොඩක් ඇවිල්ලා මගේ අම්මා ලගින් මම ඈතට එලවලා දැමිමා. මම ලග තියෙන කෑලෑවට ගිහින් හැංගිලා බලන් හිටියා මගේ අම්මට කවුද වෙඩි තියලා මරලලු. ටික වෙලාවකින් අම්මගේ ඇග කෑලි වලට කපන හැටි මම බලන් හිටියේ ඉතාමත් වෙදනාවකින්. අවසානයේ මගේ අම්මගේ හදවත දක්වා ගමන් කළ වෙඩි උංඩය සොයා ගන්නා හැටිද මම සැගවී බලා සිටියෙමී........................
No comments:
Post a Comment