Blogger Widgets
ආයුබෝවන්
අපගේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
මෙම බ්ලොග් අඩවිය මගින් වන සතුන්ට සිදුවන හිරිහැර කරදර පිළිබදව ඔබව දැනුවත් කර වන සතුනට සිදුවන හිංසන ක්‍රීයා අවම කිරිමට සතුනට කරුනාව දයාව ලබා දෙමින් සතුට විනෝදය ලබා ගැනිමට අප හ එක් වි අවිහිංසාවාදි සමාජයක් ගොඩ නැගිමට ඔබටත් ආරාධනා.....

Friday, July 20, 2012

මට වැනි දුකක් වෙන සතෙකුට වෙන්න එපා


මම උපන්නෙ අම්පාර ඇතිමලේ කොටියාගල වනගත ප්‍රදේශකය දිනක්. රෑ මගේ අලි අම්ම සමග කෑම සොයාගෙන මහ කැලය මැදින් යන විට වගා බිමකට ගොඩ වැදුණා. මගේ අම්ම ඒ වගා බිම මැදින් යන්නහදන කොටම එතන හිටපු මාමලා කටිටියක් අපට දිගට හරහට වෙඩි තියන්න ගත්තා. මගේ අම්ම එක පාරටම පැනල දිවුවා. කිසිම දෙයක් අදහා ගන්න බැරි උන මම ලගතිබුණු කපා ගොඩ ගසා තිබුණු අතුගෝලක් අස්සට ර්‍රංගා ගත්තා. පසුව එතනට ආව මාමලා ඒ අතුගෝලට ගිනි තිබිබා මට කර ගන්න දෙයක් නැති වුණා. එක පාරටම මම හිටපු පැත්තට ගිනි ඇවිලුනා මගේ ඇගයත් ගිනි ගත්තා ඉවසන්න බැරිම තැන මම පැනලා දිවුවා. මට හරිම වෙදනාවක් දැනෙන්න ගත්තා මගේ අම්මට මොනව උනාද කියලා මට හිතා ගන්නවත් බෑ පසුවදා උදෙන්ම. මම හිටපු තැනින් නැගිටලා යන්න හැදුවත් මට යන්න බෑ මට කරගන්න කිසිම දෙයක් නැතුව එතනටම වී හිටියා මට හොදටම බඩගිනයි කිරි බොන්න මගේ අම්මත් නෑ මගේ ඇගේ හැම තැනම පිලිස්සුමි තුවාල මම මගේ දුක කියලා කෑ ගැහුවා එදා දවසම මම එතනටම වෙලා හිටියා. මාස දෙකක් විතර වයස වුන මම මෙ දුක කොහොම ඉවසන්නද? අවසානයේ මම කෑ ගහන සද්දය ඇහිලා එතනට ආපු පොලිසියේ මාමලා මම වනජීවී එකට බාර දුන්නා ඒ දවස්වල හොදටම යුද්ද කලබල වනජීවී එකේ මාමලා ඒ අවදානම නොගෙන මම උඩවලව ඇත් අතුරු සෙවනට බාරදීල මගේ ජීවිතය‍ මරණින් ගලවාගත්තා සිදුවුණ සියල්ල අතීතයට දැමීමට උත්සහ කරත් මගේ අම්මා සිහිවන විට මම මැරි මැරී උපදිනවා................

No comments:

Post a Comment

Twitter Bird Gadget